2 කොටස
මෙම යුගයේදී විහාර බිතු සිතුවම් සඳහා වැඩි අවධානය ලබා දී ඇති බව පෙනේ.ප්‍රධාන වශයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජු හා රාජාධිරාජසිංහ රජු විසින් විනාශ වෙමින් පැවති පැරණි විහාරාරාම ප්‍රතිසංස්කරණ කිරීම් හා නව විහාර ඉදිකිරීම් බොහෝමයක් සිදුකර ඇති බව සඳහන් වේ.රාජ්‍ය අනුග්‍රහය නොමඳව ලැබීමත්,චිත්‍ර ශිල්පී පරම්පරා කිහිපයක් සිතුවම්කරණයේ නියැලීමත් මෙම වර්ධනයට හේතු වී ඇත.
මැලියම් හා කෙඳි මිශ්‍රිත මැටි බදාමයක් මත මකුළු මැටි හෝ කිරිමැටි යොදා සැකසූ "අල්ලියාදු" ගා ඒ මත සිතුවම් අඳිනු ලැබේ.බිත්තිය මත තිරස් තීරු බෙදා ඒ තුළ ජාතක කතා හෝ බුද්ධ චරිතයේ අවස්ථා හෝ ඇඳ ඇත.ජාතක කතාවක්නම් එකම චරිතය,එකම තීරුව තුළ කිහිප වතාවක්ම ඇඳ තිබේ.එමගින් කතාව කියවාගැනීම පහසු කර ඇත.පළමු තීරුව වමේ සිට දකුණු දෙසටත්,දෙවන තීරුව දකුණේ සිට වමටත් ලෙස නොකඩවා ගලායන රටාවක් උපයෝගී කරගැනීම හෙවත් " අඛණ්ඩ කථන ක්‍රමය" භාවිතා කර තිබේ.
වෙස්සන්තර ජාතකය ( දෙගල්දොරුව රජමහා විහාරය )
එමෙන්ම චිත්‍රයට නගා ඇති අවස්ථාව හෝ සිදුවීම තීරුවේ පහලින් මාතෘකාගත කරමින් ලිවීමද බොහෝ විහාරස්ථානවල සිදුකර තිබේ.
සොළොස්මස්ථාන,උරග ජාතකය,රහත් රූප ( මැදවල ටැම්පිට විහාරය )
වෙස්සන්තර ජාතකය ( දෙගල්දොරුව රජමහා විහාරය )