Sunday, 29 September 2024

මොලේට ඇතුල් වන මයික්‍රෝ ප්ලාස්ටික්




සාමාන්‍යයෙන්, ක්ෂුද්‍ර ප්ලාස්ටික් යනු විශාල ප්ලාස්ටික් ද්‍රව්‍ය බිඳී යාමෙන් ඇතිවන  මිලිමීටර් ≤5ට වඩා අඩු (අඟලකින් පහෙන් පංගුවක්), ප්‍රමාණයට ක්ෂුද්‍රකරණය වූ කෘත්‍රිම බහු අවයවික සංයෝගයන්ය. මේ කුඩා අංශු ආහාර, ජලය සහ ආශ්වාස වාතය හරහා මිනිසුන්ගේ පරිභෝජනයට ලක්වේ. එංගලන්තයේ Plymouth විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් සිදු කළ පර් යේෂණයකින් නිගමනය කළේ නගරබද මිනිසුන්, ඔවුන් ආහාරපාන  ගැනීමෙන් ලබාගන්නවාට වැඩි ප්ලාස්ටික් ප්‍රමාණයක් තමන් අවට වාතයේ පාවෙන කුඩා, අදෘශ්‍යමාන ප්ලාස්ටික් තන්තු ආශ්වාස කිරීමෙන් ශරීරගත කර ගන්නා බවයි.


ප්ලාස්ටික් සෑදී ඇත්තේ ඒවාට ශක්තිය සහ නම්‍යශීලී බව ලබා දෙන ආකලන-additives, ඇතුළු රසායනික ද්‍රව්‍යවල සංකීර්ණ සංයෝගයකිනි. ප්ලාස්ටික් සහ රසායනික ආකලන දෙකම විෂ සහිත විය හැක. 


2021 විශ්ලේෂණයකින් ප්ලාස්ටික්වල භාවිත වන රසායනික ද්‍රව්‍ය 10,000 කට වඩා හඳුනාගෙන ඇති අතර ඉන් 2,400 කට වඩා වැඩි ප්‍රමාණයක් අවදානම් සහිත විය හැකි බව කැලිෆෝනියා ප්‍රාන්ත ජල සම්පත් පාලන මණ්ඩලයේ පර් යේෂණ විද්‍යාඥ ස්කොට් කොෆින් සිය අධ්‍යයනයකදී පෙන්වා දී තිබේ. මේවායින් කුමන විශේෂිත රසායනික සංයෝග ගැටලු සහගතද යන්න නිරාකරණය කිරීම සහ එවැනි ව්‍යාකූල සංයෝග ගොන්නක් තුළින් හානියක් සිදු කළ හැකි නිරාවරණ මට්ටම සොයා ගැනීම තවමත් පහසු කාර්යයක් වී නැත. එහෙත් ප්ලාස්ටික් පිළිකාජනක අහිතකර රසායන ද සහිත අවදානම්කාරකයකි. මේ වන විට කුඩා දරුවන් තුළින්ද පිළිකා රෝග බහුලව වාර්තා වීම දක්නට හැකිය. මෙහිදී පරිසරයට නිදැල්ලේ එක්වන ආගන්තුක රසායන ගොන්නක් වන ක්ෂුද්‍ර ප්ලාස්ටික් දෙස සැකය යොමුවීම නිසැකය.



ක්ෂුද්‍ර ප්ලාස්ටික් යනු විශාල ප්ලාස්ටික් ද්‍රව්‍ය බිඳී යාමෙන් ඇතිවන  මිලිමීටර් ≤5ට වඩා අඩු (අඟලකින් පහෙන් පංගුවක්), ප්‍රමාණයට ක්ෂුද්‍රකරණය වූ කෘත්‍රිම බහු අවයවික සංයෝගයන්ය. මේ කුඩා අංශු ආහාර, ජලය සහ ආශ්වාස වාතය හරහා මිනිසුන්ගේ පරිභෝජනයට ලක්වේ. එංගලන්තයේ Plymouth විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් සිදු කළ පර් යේෂණයකින් නිගමනය කළේ නගරබද මිනිසුන්, ඔවුන් ආහාරපාන  ගැනීමෙන් ලබාගන්නවාට වැඩි ප්ලාස්ටික් ප්‍රමාණයක් තමන් අවට වාතයේ පාවෙන කුඩා, අදෘශ්‍යමාන ප්ලාස්ටික් තන්තු ආශ්වාස කිරීමෙන් ශරීරගත කර ගන්නා බවයි.


ප්ලාස්ටික් සෑදී ඇත්තේ ඒවාට ශක්තිය සහ නම්‍යශීලී බව ලබා දෙන ආකලන-additives, ඇතුළු රසායනික ද්‍රව්‍යවල සංකීර්ණ සංයෝගයකිනි. ප්ලාස්ටික් සහ රසායනික ආකලන දෙකම විෂ සහිත විය හැක. 


2021 විශ්ලේෂණයකින් ප්ලාස්ටික්වල භාවිත වන රසායනික ද්‍රව්‍ය 10,000 කට වඩා හඳුනාගෙන ඇති අතර ඉන් 2,400 කට වඩා වැඩි ප්‍රමාණයක් අවදානම් සහිත විය හැකි බව කැලිෆෝනියා ප්‍රාන්ත ජල සම්පත් පාලන මණ්ඩලයේ පර් යේෂණ විද්‍යාඥ ස්කොට් කොෆින් සිය අධ්‍යයනයකදී පෙන්වා දී තිබේ. මේවායින් කුමන විශේෂිත රසායනික සංයෝග ගැටලු සහගතද යන්න නිරාකරණය කිරීම සහ එවැනි ව්‍යාකූල සංයෝග ගොන්නක් තුළින් හානියක් සිදු කළ හැකි නිරාවරණ මට්ටම සොයා ගැනීම තවමත් පහසු කාර්යයක් වී නැත. එහෙත් ප්ලාස්ටික් පිළිකාජනක අහිතකර රසායන ද සහිත අවදානම්කාරකයකි. මේ වන විට කුඩා දරුවන් තුළින්ද පිළිකා රෝග බහුලව වාර්තා වීම දක්නට හැකිය. මෙහිදී පරිසරයට නිදැල්ලේ එක්වන ආගන්තුක රසායන ගොන්නක් වන ක්ෂුද්‍ර ප්ලාස්ටික් දෙස සැකය යොමුවීම නිසැකය. 


මෙම මයික්‍රො ප්ලාස්ටික් ප්‍රහේලිකාවේ වඩාත් සංකීර්ණ කොටස වන්නේ අප අතින් නොදැනුවත්වම සිදුවන්නා වූ මයික්‍රො ප්ලාස්ටික් නිපදවීමයි. කලින් පැහැදිලි කළ මුළුතැන්ගේ උදාහරණ, ​​රෙදි සෝදන විට/වියළන විට රෙදිවලින් සහ වාහනවල ටයර් ගෙවෙනා විට ගැලවී යන කුඩා කොටස් ආදිය අප නොදැනුවත්වම මයික්‍රො ප්ලාස්ටික් නිපදවීමට දායකවීමේ උදාහරණ කිහිපයකි. මයික්‍රො ප්ලාස්ටික් පරිසරයට මුදාහැරෙනා ක්‍රම සියල්ල ලැයිස්තුවක් ලියා අවසන් කල නොහැක: මන්ද යත් අප තවමත් සම්පූර්ණ කතාව නොදන්නා ක්‍රම ගණනාවකින් එය සිදුවෙන බැවිනි. කෙසේ වෙතත්, අවම වශයෙන් දැනට දන්නා සහ පහසුවෙන් නැවැත්විය හැකි මාර්ග වලටවත් වැට බැඳීමට උත්සාහ කළ යුතුය. වාහන ටයර්වල ස්වභාවික ගෙවී යාමෙන් පරිසරයට මුදාහැරෙනා මයික්‍රො ප්ලාස්ටික් අපට නැවැත්විය නොහැකි විය හැකි නමුත් අපට සවිඥානිකව ගත හැකි වෙනත් තීරණ බොහොමයක් තිබේ. මුළුතැන්ගේ එළවළු කැපීමට ලී පුවරුවක් ගැනීම, තනි-භාවිත-ප්ලාස්ටික් ද්‍රව්‍ය (බීම බට සහ ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු වැනි) භාවිතා කිරීම ප්‍රතික්ෂේප කිරීම, ඉවත දැමිය හැකි ප්ලාස්ටික් බෝතල්වල අලෙවි කරන වතුර මිලට නොගෙන නැවත පිරවිය හැකි බෝතලයක වතුර රැගෙන යාම, සරළ උදාහරණ කීපයකි. පහසුවෙන් අමතක වන තවත් එක් මයික්‍රො ප්ලාස්ටික් ප්‍රභවයක් නම් අප නොදැනුවත්වම නිවෙස් තුල ගොඩගැසෙනා භාවිතයට නොගන්නා ප්ලාස්ටික් කන්දරාවයි. මේවා පරණ කෝප්ප, පිඟන්, බෝතල් වැනි කුඩා දේවල් හෝ වසර ගණනාවක් තිස්සේ අල්ලාගෙන සිටින ප්ලාස්ටික් ගෘහ භාණ්ඩ වැනි විශාල ඒවා විය හැක. ඒවා සියල්ලටම ආරම්භයේදී විශිෂ්ට පෙනුමක් සහ ආකර්ෂණයක් හිමි වුවද, පෙර සඳහන් කළ පරිදි, කාලයත් සමඟ දිරාපත් වීමෙන් මේවා සියල්ලම මයික්‍රො ප්ලාස්ටික් දූෂණයේ පංගුකරුවන් බවට පත්වේ. මයික්‍රො ප්ලාස්ටික් වලට එරෙහිව සටන් කිරීමට වඩා හොඳ විසඳුමක් ලැබෙනා තුරු සාමාන්‍ය රීතිය විය යුත්තේ ප්ලාස්ටික් භාවිතය අත්‍යාවශ්‍යමවූ දේ සඳහා පමණක් සීමා කිරීමයි.

6 comments:

පෘථිවියේ ලස්සනම ස්ථානය' හරහා කිලෝමීටර් 210 ක ගමනක්

' වෙළඳුන් සහ ආක්‍රමණිකයන් විසින් භාවිතා කරන ලද සාම්ප්‍රදායික මාර්ගයක් අනුගමනය කරමින්, ජෝර්ජියානු හමුදා මාර්ගය පුරාණ කාලයේ සිට මිනිසුන් ස...