Wednesday, 30 October 2024

ලිඩියා තෝර්ප් යනු කවුද?

 

බ්‍තන්‍යයේ රජුට අභියෝග කරමින් විරෝධය පළ කළ ලිඩියා තෝර්ප් ඔස්ට්‍රේලියාවේ ආදිවාසී ජන කොටස නියෝජනය කරන්නියකි.

1973 වසරේ උපත ලබා ඇති ඇය, 2020 වසරේ සිට වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් එරට පාර්ලිමේන්තුවට තේරීපත්වූ පළමු ආදිවාසී කාන්තාව ඇය යි.

ඇය ඔස්ට්‍රේලියානු හරිත පක්ෂයේ සම නිර්මාතෘවරියක ද වන අතර පසුගිය වසර දක්වා එම පක්ෂය නියෝජනය කළා ය.

එහෙත්, මේ වන විට ඇය ස්වාධීන මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරයි.

ඇය ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරීපත්වීමට පෙර වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුව නියෝජනය කළා ය.

ලිඩියා තෝර්ප්, වික්ටෝරියා නාගරික සංගමයේ ආදිවාසී වෘත්තීය උපදේශක ලෙස සේවය කර ඇති අතර වසර තුනක් ලේක්ස් පැසිපන්දු සංගමයේ සභාපතිවරිය ලෙස කටයුතු කළා ය.



No comments:

Post a Comment

පෘථිවියේ ලස්සනම ස්ථානය' හරහා කිලෝමීටර් 210 ක ගමනක්

' වෙළඳුන් සහ ආක්‍රමණිකයන් විසින් භාවිතා කරන ලද සාම්ප්‍රදායික මාර්ගයක් අනුගමනය කරමින්, ජෝර්ජියානු හමුදා මාර්ගය පුරාණ කාලයේ සිට මිනිසුන් ස...