Tuesday, 15 October 2024

සහරා කාන්තාරයට අඩ සියවසරකට පසු ඇති වූ ජල ගැලීම

 


වසරකට අපේක්ෂිත ප්‍රමාණයටත් වඩා වැඩි වර්ෂාවක් ගිනිකොනදිග මොරොක්කෝවට දින දෙකකදී ඇද හැළලා.

වසර 50කට පසු ප්‍රථම වරට ගිනිකොනදිග මොරොක්කෝවේ සහරා කාන්තාරයේ ඇතිවූ ජලගැලීම් තත්ත්වය දැක්වෙන දුර්ලභ ඡායාරූප පෙළක් නිකුත් වී තිබේ.

දින දෙකක අධික වර්ෂාපතනය මෙම දුර්ලභ ජලගැලීම් තත්ත්වයට හේතු වූ අතර එය වාර්ෂික සාමාන්‍යය වර්ෂාපතන අගයන් ඉක්මවා ගියේ ය.

සහරා යනු ලොව විශාලතම උණුසුම් කාන්තාරය වන අතර එය උතුරු, මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ රටවල් 12ක් පුරා විහිද යයි.

"මේ වගේ කෙටි කාලයක් තුළ මේ තරම් වර්ෂාපතනයක් අපට අවුරුදු 30කින් 50කින් විතර ලැබිලා නැහැ," මොරොක්කෝවේ කාලගුණ විද්‍යා ඒජන්සියේ නිලධාරිනියක වන හූසින් යූබෙබ් ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පැවසීය.

 කාන්තාරයේ පවතින අධික වර්ෂාව ඉදිරි මාසවලදී කලාපයේ කාලගුණික රටා වෙනස් කළ හැකිය

අග්නිදිග මොරොක්කෝව ලෝකයේ වඩාත් ම ශුෂ්ක ස්ථානවලින් එකක් වන අතර ගිම්හාන ඍතුවල අගභාගයේදී එහි කලාතුරකින් වර්ෂාව ඇතිවිය හැකි ය.

රාබාට් අගනුවරට දකුණින් කිලෝමීටර් 450ක් (සැතපුම් 280ක්) දුරින් පිහිටි ටැගුනයිට් ගම්මානයෙන් පැය 24ක් ඇතුළත මිලිමීටර් 100කට (අඟල් 3.9) අධික වර්ෂාපතනයක් වාර්තා විය.

කාලගුණ විද්‍යාඥයන් මෙවැනි දුර්ලභ වර්ෂාපතනයක් හඳුන්වන්නේ අධිනිවර්තන කුණාටුවක් ලෙසනි. වාතය වැඩි තෙතමනයක් රඳවා ගන්නා බැවින්, එය වාෂ්පීකරණය සඳහා දායක වන අතර ඉන් තවත් කුණාටු ඇති කරන බව මොරොක්කෝවේ කාලගුණ විද්‍යා ඒජන්සිය ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පැවසීය.

No comments:

Post a Comment

පෘථිවියේ ලස්සනම ස්ථානය' හරහා කිලෝමීටර් 210 ක ගමනක්

' වෙළඳුන් සහ ආක්‍රමණිකයන් විසින් භාවිතා කරන ලද සාම්ප්‍රදායික මාර්ගයක් අනුගමනය කරමින්, ජෝර්ජියානු හමුදා මාර්ගය පුරාණ කාලයේ සිට මිනිසුන් ස...