Tata සමූහ ව්‍යාපාරයේ සභාපති රතන් ටාටා, 2014 අප්‍රේල් 9, බදාදා, චීනයේ, හයිනාන් හි Boao හි Boao Forum for Asia හි සැසියකට සහභාගී වෙමින්.
ඡායාරූප ශීර්ෂ වැකිය,රතන් ටාටා, ජාත්‍යන්තරව පිළිගත් ඉන්දියාවේ ව්‍යාපාරික නායකයන්ගෙන් කෙනෙකි
ඉන්දීය ධන කුවේරයෙකු වන රතන් ටාටා මිය යන විට 86 හැවිරිදි වියේ පසුවූ බව ඔහු දශක දෙකකට වැඩි කාලයක් නායකත්වය දුන් ටාටා සමූහ ව්‍යාපාරය පවසයි.
ටාටා යනු ජාත්‍යන්තරව පිළිගත් ඉන්දියානු ව්‍යාපාරික නායකයන්ගෙන් කෙනෙකි.
ටාටා ගෲප් යනු ඉන්දියාවේ විශාලතම සමාගම්වලින් එකක් වන අතර, වාර්ෂික ආදායම ඩොලර් බිලියන 100 (පවුම් බිලියන 76.5) ඉක්මවයි.
ටාටාගේ මරණය පිළිබඳ නිවේදනය නිකුත් කරමින් ටාටා සන්ස්හි වත්මන් සභාපතිවරයා ඔහුව විස්තර කළේ, "සැබවින් ම අසාමාන්‍ය නායකයෙකු" ලෙස යි.
“සමස්ත ටාටා පවුල වෙනුවෙන්, මම ඔහුගේ ආදරණීයයන් වෙත අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි'' යැයි නටරාජන් චන්ද්‍රසේකරන් පැවසීය.
ඔහුගේ උරුමය අපව දිරිමත් කරන අතර ඔහු දැඩි ලෙස උද්යෝගයෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට අපි උත්සහ කරනවා."
ඔහු ටාටා සමූහයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කාලය තුළදී ටාටා සමූහ ව්‍යාපාරය ඉහළ පෙළේ ප්‍රාග්ධන කිහිපයක් අත්පත් කර ගත්තේය. ඒ අතරට ඇන්ග්ලෝ-ඩච් වානේ නිෂ්පාදනය කරන කෝරස් සමාගම, එක්සත් රාජධානිය පදනම් කරගත් මෝටර් රථ සන්නාමයන් වන ජගුවාර්, ලෑන්ඩ් රෝවර් සහ ලොව දෙවන විශාලතම තේ සමාගම වන ටෙට්ලි ද ඇතුළත් වේ.
No comments:
Post a Comment