ශ්‍රී ලාංකික තරුණ ලේඛකයෙකුට ඇමෙරිකාවේ ගෞරවණීය සම්මාන දෙකක් හිමි වී තිබේ.
එම සම්මාන අතරින් එකක් වන්නේ, ඇමෙරිකාවේ මුද්‍රණය කෙරුණු විද්‍යා ප්‍රබන්ධ අතරින් 2023 වසරේ හොඳ ම විද්‍යා ප්‍රබන්ධ නවකතාවට හිමි නෙබියුලා (Nebula) සම්මානය යි.
මෙහි සුවිශේෂත්වය වන්නේ, එම ලේඛකයා විසින් ප්‍රකාශයට පත් කරන ලද සිය පළමු විද්‍යා ප්‍රබන්ධ නවකතාවට මෙම සම්මානය හිමි වීම ය.
දෙවැන්න, ලේඛකයෙකුගේ පළමු මනඃකල්පිත (fantasy) නවකතාව වෙනුවෙන් පිරිනැමෙන ක්‍රෝෆෝඩ් (Crawford) සම්මානය යි.
ඇමෙරිකාවේ ගෞරවයට පාත්‍ර වූ මෙම සම්මාන දෙක ම හිමි වී ඇත්තේ, 2023 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලාංකික ලේඛකයෙකු වන වජ්ර චන්ද්‍රසේකරගේ The Saint of Bright Doors කෘතියට ය.
The Saint of Bright Doors කෘතියේ අන්තර්ගතය
The Saint of Bright Doors යනු ශ්‍රී ලාංකික ලේඛකයෙකු වන වජ්ර චන්ද්‍රසේකර විසින් රචනා කරන ලද මනඃකල්පිත නවකතාවකි.
අද්භූත "දීප්තිමත් දොරවල්" සහිත ප්‍රබන්ධිත නගරයක, ප්රමුඛ පෙළේ ආධ්‍යාත්මික නායකයෙකු ඝාතනය කිරීමට කුඩා කාලයේ සිට ම පුහුණු වූ මිනිසෙකුගේ කතාව නවකතාවට වස්තු විෂය වී තිබේ.
මෙම නවකතාව "නූතන ජීවිතයේ ලෞකික අරගලවලට එරෙහිව දිව්‍යමය විප්ලවවාදීන්ගේ සහ ලෝකෝත්තර ඇදහිලි අතර ප්‍රබල ඝට්ඨනයක් නිර්මාණය කරන," බව කර්තෘවරයා වන වජ්ර චන්ද්‍රසේකර පවසයි.
No comments:
Post a Comment