Thursday, 10 October 2024

අභ්‍යාවකාශයට ගිය දැල්ලන්

 කුඩා දැල්ලන් සිය ගණනක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට



ඡායාරූප ශීර්ෂ වැකිය,කුඩා දැල්ලන් 128 ක් පමණ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යැවීය

කුඩා දැල්ලන් සියයකට වැඩි ප්‍රමාණයක් සහ ක්ෂුද්‍ර ජීවීන් 5,000 ක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙත යැවීමට නාසා ආයතනය බ්‍රහස්පතින්දා (ජූනි 3) දින ක්‍රියා කළේය.

මෙම සත්ත්වයන් සහ අධ්‍යයන සඳහා අවශ්‍ය වෙනත් උපකරණ සමග ස්පේස් එක්ස් හි ෆැල්කන් 9 රොකට්ටුව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කරනු ඇත.

අභ්‍යවකාශ ගමන්වල බලපෑම ගැන විද්‍යාඥයින්ට අවබෝධ කර ගැනීමට මෙම අත්හදා බැලීම්වලින් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රොකට්ටුව දියත් කිරීම ග්‍රිනීච් වේලාවෙන් 17:29 GMT ට නාසා ආයතනය සජීවීව විකාශනය කළේය.

ක්ෂුද්‍ර ජීවීන් හා සතුන් අතර ඇති ඵලදායී අන්තර්ක්‍රියාවලට අභ්‍යවකාශ ගමන්වලින් එල්ල වන බලපෑම පිළිබඳ සිදුකරන පර්යේෂණයේ කොටසකට මෙම කුඩා දැල්ලන් 128 භාවිත කරනු ඇත.

දැල්න්ට ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අතර එය මිනිසුන්ට සමාන වේ.

නාසා පවසන්නේ දිගු අභ්‍යවකාශ මෙහෙයුම් වලදී ගගනගාමීන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම වර්ධනය කිරීමට මෙම අත්හදා බැලීම ඉවහල් වන බවය.

"සෞඛ්‍ය සම්පන්න ආහාර ජීර්ණ හා ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවත්වා ගැනීම සඳහා මිනිසුන් ඇතුළු සතුන් ක්ෂුද්‍ර ජීවීන් මත රඳා පවතිනවා. අභ්‍යවකාශ ගමන් මගින් මෙම ප්‍රයෝජනවත් අන්තර්ක්‍රියා වෙනස් වන්නේ කෙසේදැයි අපට සම්පූර්ණයෙන් වැටහෙන්නේ නැහැ," පරීක්ෂණයේ ප්‍රධාන විමර්ශකයෙකු වන ජේමි ෆොස්ටර් පැවසීය.

"සත්ත්වයන්ගේ සෞඛ්‍යය සම්බන්ධ මෙම වැදගත් ගැටලු" විසඳීමට දැල්ලන්ට හැකි වනු ඇතැයි ඇය පැවසුවාය.

නැවත පෘථිවියට පැමිණීමට පෙර දැල්ලන් ශීත කෙරෙනු ඇත.

No comments:

Post a Comment

පෘථිවියේ ලස්සනම ස්ථානය' හරහා කිලෝමීටර් 210 ක ගමනක්

' වෙළඳුන් සහ ආක්‍රමණිකයන් විසින් භාවිතා කරන ලද සාම්ප්‍රදායික මාර්ගයක් අනුගමනය කරමින්, ජෝර්ජියානු හමුදා මාර්ගය පුරාණ කාලයේ සිට මිනිසුන් ස...