Friday, 11 October 2024

කාන්තාවක් නමින් සර්ප විශේෂයක් නම කල පලමු අවස්ථාව



රක්වාන කඳු වැටිය ආශ්රිතව රයිනෝෆිස් මාටින් විශේෂය සොයාගෙන ඇති අතර රයිනෝෆිස් ඩිනර්සාර්ඩේ හඳුනා ගැනීමට හැකිව ඇත්තේ නකලස් කඳුවල බටහිර බෑවුම් ආශ්රිතවයි 

මේ විශේෂ දෙකම ලංකාට ආවේණිකයි. මුං පොඩ්ඩක්වත් විස නැහැ. මේගොල්ලෝ ජීවත් වෙන්නේ පොළොව යට. හරිම සංවේදී සත්ත්ව කොටසක්.’ යැයි සර්ප විශේෂ ගැන විස්තර කරමින් මෙන්ඩිස් වික්රමසිංහ සඳහන් කළේය.

රයිනෝෆිස් සත්වයින් යුරොපෙල්ටිඩේ (Uropeltidae) කුලයට අයත් බව මෙන්ම ඔවුන් ඉන්දියාවට සහ ලංකාවට ආවේණික කුලයක් බව ද ඔහු පැවසීය.

එම කුලයට අයත් සතෙකු කාන්තාවක් නමින් නම් කළ ප්රථම අවස්ථාවට හිමි ගෞරවය හිමි වන්නේ ඩේවිඩ් ගවර් ඇතුලු පර්යේෂණ කණ්ඩායමටයි.

‘යුරොපෙල්ටිඩේ කුලයේ සත්තු මෙතුවක් කල් නම් කරපු හැම සතාම නම් කරලා තියෙන්නේ එක්කෝ ප්රදේශයකට එහෙම නැතිනම් උන්ගේ තියෙන ලක්ෂණයකට, එහෙම නැත්නම් පිරිමි එක්කෙන්ගේ නමක් තමයි යොදලා තියෙන්නේ. නමුත් මේ රයිනෝෆිස් ඩිනර්සාර්ඩේ කියන විශේෂය යුරොපෙල්ටිඩේ කුලයේ පළවෙනිම කාන්තාවකට නම් කරපු විශේෂය.’

රයිනෝෆිස් ඩිනර්සඩ් නමින් හඳුන්වන ඩිනර්සාර්ඩේ තුඩුල්ලා සත්වයා නම් කර ඇත්තේ ඩිනසර්ඩ් රහිම් ආචාර්යවරියට ගෞරවයක් ලෙස ය.



රජරට විශ්ව විද්යාලයේ සේවය කරන ඇය මොලුස්කාවන් සම්බන්ධව ලොව ප්රමුඛ පෙලේ හසල දැනුමක් ඇති කීර්තිමත් විද්යාඥාවරියකි. ඇය මෙරටින් හමුවන ගොළුබෙල්ලන් සම්බන්ධව පර්යේෂණ විශාල සංඛ්යාවක් සිදු කර තිබේ.

No comments:

Post a Comment

පෘථිවියේ ලස්සනම ස්ථානය' හරහා කිලෝමීටර් 210 ක ගමනක්

' වෙළඳුන් සහ ආක්‍රමණිකයන් විසින් භාවිතා කරන ලද සාම්ප්‍රදායික මාර්ගයක් අනුගමනය කරමින්, ජෝර්ජියානු හමුදා මාර්ගය පුරාණ කාලයේ සිට මිනිසුන් ස...