චීනය, 2030 වන විට සඳ මත ස්ථිර කඳවුරක් ගොඩනැගීමට සැලසුම් කරමින් සිටින අතර නියමිත කාල සීමාවන්ට සමීප වී සිටියි. 2028 වසර වන විට චන්ද්‍ර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක යානා නතර කළ හැකි වනු අතැයි ඇමෙරිකාව අපේක්ෂා කරයි. එහෙත්, එම වැඩසටහන දැනටමත් පසුගාමී තත්ත්වයක පවතී.
ඇමෙරිකාවේ සාර්ථකත්වය බොහෝදුරට රඳා පවතින්නේ, ප්‍රකෝටිපතියෙකු වන ඉලෝන් මස්ක් සහ ඔහුගේ ගවේෂණ සමාගම වන SpaceX ආයතනය සංවර්ධනය කරමින් සිටින ස්ටාර්ෂිප් රොකට්ටුව ලබා දීමට ඇති හැකියාව මත ය.
ඡායාරූප ශීර්ෂ වැකිය,චීනය අභ්‍යවකාශ ගවේෂණ කටයුතුවල ශීඝ්‍ර දියුණුවක් අත්කර ගනිමින් සිටින අතර මෑතකදී මිනිසුන් රහිත ගවේෂණයක් සඳ වෙත දියත් කර ඇත
මිනිසුන් රැගත් සිය පළමු අභ්‍යවකාශ යානය ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව සැලසුම් කරයි. වසර 2035 වන විට එහි අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පිහිටුවීමට ඉන්දියාව අපේක්ෂා කරන අතර, 2040 වසර වන විට ගගනගාමියෙකු සඳ මතට යැවීමට ද සැලසුම් කර තිබේ.
"චීන අභ්‍යවකාශ වැඩසටහනේ අතිශය සිත්ගන්නාසුලු කාරණයක් තමයි, නියමිත කාල සීමාවන් සපුරාලීමට ඔවුන්ට ඇති හැකියාව යි. අභ්‍යවකාශ පර්යේෂණ භාවිතාව සහ ස්ථීර කඳවුරු සංවර්ධනය යන අවසාන අරමුණු ඇතිව 21 වන සියවසේ සඳ මතට ගොඩ බැසීමට හැකි පළමු ජාතිය චීනය වනු ඇතැයි මම කැට තබා කියනවා," මහාචාර්ය ගෝස්වාමි සිය පැහැදිලි කිරීම අවසන් කළා ය.
No comments:
Post a Comment