අපගේ අසම්පූර්ණ මතකයන් තුළ ධනාත්මක පැතිකඩක් ද තිබේ.
අසම්පූර්ණ මතකයන් තුළ ධනාත්මක පැතිකඩක් ද තිබේ.
අසම්පූර්ණ මතකය සහ වැරදි ආවර්ජන, නම්‍යශීලී මනසකට අත්‍යවශ්‍ය අංග බව ස්නායු විද්‍යාඥ චරන් රංගනාත් සිය නවතම කෘතිය හරහා තර්ක කරයි. එසේ වන්නේ මන්දැයි ඩේවිඩ් රොබ්සන් ඔහුගෙන් විමසයි.
ස්නායු විද්‍යාඥ චරන් රංගනාත් සිය නව ග්‍රන්ථය වන Why We Remember නමැති කෘතියේ රචනා කර ඇත්තේ, "මතකය යනු අතීතය සංරක්ෂණය කිරීමකට වඩා ඉතා පුළුල් දෙයකි; එය අප අපව මෙන් ම, අන් අය සහ ලෝකය දකින ප්‍රිස්මයයි," යනුවෙනි.
රංගනාත් යනු, පසුගිය වසර 30 කාලයක් තුළ, අප තුළ ඇති ආවර්ජනය කිරීම, මතකයේ තබා ගැනීම සහ අමතක කිරීම යන හැකියාවන් සදහා බලපාන මොළයේ ක්‍රියාකාරීත්වය ගවේෂණය කරමින් සිටින, ඩේවිස්හි කැලිෆෝනියා විශවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. මතකය පිළිබඳ අපගේ බොහෝ පොදු උපකල්පන වැරදි බවට ඔහු තර්ක කරයි; එහි පෙනෙන දෝෂ බොහෝ විට පැන නගින්නේ, එහි වඩාත් ම ප්‍රයෝජනවත් අංගයන්ගෙන් වන අතර ඉන් අපගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වූ සංජානනීය නම්‍යශීලී බවක් ඇති කරයි.
ඔහු විද්‍යා ලේඛක ඩේවිඩ් රොබ්සන් සමග මොළය පිළිබඳ මෙම අතිනවීන සොයා ගැනීම සම්බන්ධයෙන් සහ අපගේ අසම්පූර්ණ මනස වඩා සාර්ථකව භාවිත කිරීමට මෙම දැනුම භාවිත කළ හැකි ක්‍රම පිළිබඳව කතාබහ කළේ ය
ඔබේ පොත ප්‍රතිවිරෝධී සංකල්පවලින් පිරී තිබෙනවා. "වැරදි මත පදනම් වූ ඉගෙනීම" යන අදහසින් පටන් ගනිමු. වැරදි කිරීමට අප අපට ම ඉඩ දෙන විට අප හොඳින් ඉගෙන ගන්නේ ඇයි?
මතකය ඇති වන්නේ, නියුරෝන අතර ඇති වන සම්බන්ධතාවල ශක්තීන් වෙනස් වීම තුළිනි. ඇතැම් සම්බන්ධතා වඩා ශක්තිමත් සහ ඵලදායී වන විට, තවත් සම්බන්ධතා ප්‍රබල නොවිය හැකි ය. වැරදි තුළින් ඉගෙන ගැනීමේ මූලධර්මය වන්නේ, ඔබ මතකයන් යළි ආවර්ජනය කිරීමට උත්සහ කරන විට, ඔබේ මතකය සෑම විට ම මඳක් අසම්පූර්ණ වනු ඇති. එමෙන් ම, මොළය මෙම මතකය මතු කර ගැනීමට උත්සහ කරද්දී, ඔබ එය සැබෑ තොරතුරු සමග සංසන්දනය කරන විට, මෙම ජාලයන්ට නරක සබඳතා දුර්වල කර හොඳ සබඳතා ශක්තිමත් කළ හැකි යි.
එයින් ගම්‍ය වන්නේ, ඔබ ඉගෙන ගත්සහ කරන දේ මතු කර ගැනීමට ඔබ ඔබට ම අභියෝග කිරීමෙන්, එම දුර්වලතා හෙළිදරව් කරන නිසාත්, එමගින් ඔබේ මොළයට මෙම මතකයන් වඩා නිවැරදි කිරීමට අවස්ථාවක් ලබා දෙන නිසාත් එය තවතවත් ඉගෙන ගැනීම සදහා වන හොඳ ම මාර්ගය වන බව යි.
No comments:
Post a Comment